අප විද්‍යාලය දකුණු පළාතේ හම්බන්තොට දි්ස්ත්‍රීක්කයේ වලස්මුල්ල අධ්‍යාපන කලාපයට අයත් දැයේ දුවා දරුවන්ට ඉමහත් සේවයක් සලසන කීර්තිමත් පාසලකි..ගෝනදෙණිය කන්ද ආසන්නයේ තැනිතලා භූමියක පිහිටා ඇති සුන්දර පාසල් භූමියකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.උසස් පෙළ හදාරන සිසුන් සඳහා ක අංශයට අයත් විෂය කාණ්ඩයන් පමණක් ක්‍රියාත්මක වන අතර අප 1C පාසල් වර්ගයට අයත් වන පාසලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
ගිරුවාපත්තුවේ විශිෂ්ටයෝ වෙමු.
අධ්‍යාපනයෙන් පිරිපුන් ජාත්‍යන්තරය ජය ගත හැකි නම් නව දැනුම සොයා යන, ආකල්පයෙන් හෙබි, ගුණදම් අගයන, පරිසරය සුරකින නිපුණතා පිරි පුද්ගලයින් බිහි කිරීමයි.