විදුහල්පති පණිවිඩය
පී.ජී.අනිල් නානායක්කාර
දකුණු පළාතේ වලස්මුල්ල අධ්‍යාපන කලාපයට අයත් හ/ගෝනදෙණිය මහා විද්‍යාලය ග්‍රාමීය පාසලකි. සිසු දරුවන් 548ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරු මණ්ඩළය ද 36ක් පමණ වේ. අධ්‍යන වගේ ම අනධ්‍යන කාර්‍යමණ්ඩළයක් ද සමඟ අපගේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යනු ලබන්නේ ය. බහුතරයක් දෙමාපියන් ගොවිතැන් කරමින් ජීවත් වන අතර රාජ්‍ය සේවකයින්ගේ දරුවන් ද වේ. ග්‍රාමීය ජන සමාජයක දරුවන් වුවත් වර්තමාන සංකීර්ණ සමාජ රටාව යම් යම් ආකාරයෙන් වැළඳගත් බවක් දරුවන්ගෙන් විද්‍යාමාන වේ.
වර්තමානය වන විට අධ්‍යාපනික සංවර්ධනය අතින් අප පාසල ලබා ඇති මට්ටම ගැන පවතින්නේ සතුටකි. එ තත්වය ලඟා කර ගැනීම දිවා රෑ නොබලා දිවෙන ක්‍රියාකාරකම් පාසල තුළ වේ. මීට අමතරව විෂය බාහිර කටයුතු උපරිමයෙන් පවත්වාගෙන යන අතර ඒ මඟින් දරුවන්ගේ යහපත් පෞර්ෂ සංවර්ධනයට අවශ්‍ය මැදිහත්වීම කර ඇත.
පාසල "ගිරුවාපත්තුවේ විශිෂ්ඨයෝ වෙමු " යන දැක්ම කරා යන ගමන සවිමත්ව කරගෙන යෑම අපේක්ෂාව වේ.
පී.ජී.අනිල් නානායක්කාර
විදුහල්පති
හ/ගෝනදෙණිය මහා විද්‍යාලය .





