නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
සුබාෂ් මාතර ආරච්චි
වර්ෂ 1885.05.15 දින ආරම්භ වූ ගෝනදෙණිය මහා විද්‍යාලය අද වන විට දරුවන් 500කට වැඩ් සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන, දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කරන සොඳුරු ස්ථානයකි. අද වන විට පාසලේ භෞතික සම්පත් සංවර්ධනය ද යහපත් මට්ටමක පවතී. අප විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටව ගිය දරුවන් වැඩදායී පිරිසක් වීම පාසලට මෙන් ම රටට භාග්‍යකි.
"විඳු නැණ එළිදේ" යන තේමාවෙන් ඉදිරියට යන අප විද්‍යාලය 2035 වර්ෂ 150 සම්පූර්ණ කෙරෙන අභිමානවත් පාසලකි. අප විද්‍යාලය සිදු කරන බොහෝ කාර්‍ය්‍යන් අතර තවත් සුවිශේෂි කාර්යක් ලෙස ඇරඔි ගෝනදෙණිය මහා විද්‍යාලීය වෙබ් අඩවිය නිර්මාණය හඳුන්වා දිය හාකිය. ඒ හරහා සැමට අප විද්‍යාලය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අතර එය තව තවත් සාර්ථක වේවා යැයි පාසලේ නියෝජ්‍ය විදුයල්පති ලෙස මා ප්‍රාර්තනා කරමි.
සුබාෂ් මාතර ආරච්චි
නියෝජ්‍ය විදුහල්පති
හ/ගෝනදෙණිය මහා විද්‍යාලය.





