නමදිමු සැමදා බැතිහර පළදා
ගෝනදෙණිය විදුහල්මෑණි
කීර්තිය උතුරා ජයගොස පතුරා
සැරදේවා ඔබ ලක් දෙරණේ.............
සිප් රස පොවලා ජාතිය වඩවා
නිජබිම සුරකින හෙළ විරුවන්
ගුණ නැණ වඩවා සමගිය බෙදලා
ලොවම පහන් කළ මහ වියතුන්
බිහි කරනා මවිනි.............
අපි වෙමු දරු කැළ ඔබෙ යස කිතු ගොස
රකිනා දිවි හිමියෙන්..............
රුහුණේ ඔළියයි රට දැය සවියයි
දසදෙස පතුරා විදු කිරණින්
දෑ අභිමානය දේශනුරාගය
සැම හදවත් තුල පුබුදු කරන්
සැරදේ විදු මවුනි..............
රචනය - ආර් ඩී විජයපාල හිටපු විදුහල්පති
සංගීතය - චන්දනන්ද සමරනායක





