ගෝනදෙණිය ‌‌මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ආදි ශිෂ්‍ය ක්‍රිඩා තරඟාවලිය

IMG-20221222-WA0018.jpg
IMG-20221222-WA0018.jpg

අතිශය ග්‍රාමීය පරිසරයක සොඳුරු කඳුවැටියකින් එක් අන්තයක් ද මනරම් වෙල් යායත්ල, ස්වභාවික දිය උල්පත් දිය දහරාවක් මෙන් ම ඇළ මාර්ගයකින් සුසැඳි වටපිටාවක මේ මහා විදුබිම තැනී ඇත. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය වූ ජනාවාස ගත මිනිසුන් එදත් අදත් මෙහි සිට ඇත. අතිශය ග්‍රාමීය භාෂාවක් කතා කරන මොවුන් බෞද්ධ සංස්කෘතිය ඉහලින්ම පිළිගන්නෝ වූහ. 1815 මැයි මස 15 වන දින ආරම්භ කළ මෙම පාසල ශිෂ්‍යයන් 5කින් සමන්විත විය. 1991.05.14 දින මෙම පාසල රජයට පවරා ගත් අතර ගුරු මණ්ඩළය 03ක් ලෙස සඳහන් වේ.1927 දී ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් පාසල පිළිබඳ තබන ලද ලොග් සටහනක් ද වේ.

ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අද වන විට 548 ක් දන්වා වර්ධනය වී ඇත. අධ්‍යන කාර්‍ය මණ්ඩලය 35ක් වන අතර අකධ්‍යන කා්‍ය මණ්ඩළය 3ක් ද වේ. අක්තර 4ක භූමි ප්‍රමාණයක විහිදී ඇති පාසල් භූමිය බුදු මැදුරක්, පත්කි කාමර 21ක්, ප්‍රධාන නාර්‍යාලයක්, පුස්තකාලයක්,විද්‍යාගාරය ,පරිගණක විද්‍යාගාරයක්, ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානයක්,ක්‍රීඩා පිටියක් ආදීයෙන් සමන්විත වේ.

1C වර්ගයට අයත් පාසලක් ලෙස වර්තමානයේ වර්ගීකරණයට යටත් වන අප පාසල සිසු දරුවන්ගේ නැණ ගුණ නංවාලීමට ඉමහත් දායකත්වයක් සපයයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස.(සා.පෙළ) විභාගය, අ.පො.ස.(උ.පෙළ) විභාගය ප්‍රථිපල තුළින් එය මනාව සනාථ වේ. දරුවන්ගේ ආකල්ප කුසලතා වර්ධනය නරමින් නැණ නුවණ වර්ධනය කරමින් තවත් විද්‍යාර්ථයින් පිරිසක් රටට දැයට දායාද කිරීමට හැකි වේ යැයි ගෝනදෙණිය විදු බිමේ අපේ විෂ්වාසය යි.

 

 

ආරම්භ කළ වර්ෂය

1885.05.15

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගෝනදෙණිය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1991-05-14

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින